Saturday, April 20, 2024

General line - 0115112241

මීගහතැන්නේ සිද්ධිය ගැන දෙමව්පියන් ජනපතිට ලියයි




මීගහතැන්න ප‍්‍රාථමික විද්‍යාලයේ පළමු වසරට තම දරුවන් ඇතුළත් කර ගැනීමේදී අසාධාරණයට ලක් වු බව කියන දෙමව්පියන් සිය අවසන් ඉල්ලීම ලිපියක් මගින් ජනාධිපතිවරයා සහ අග‍්‍රාමාත්‍යවරයා වෙත යොමු කර තිබෙනවා.

අදාළ ඉල්ලීම මතුගම කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂකතුමිය වෙත යොමු කිරීමටද ඔවුන් කටයුතු යොදා තිබුණා. මෙම ඉල්ලීමෙහි ප‍්‍රධාන අරමුණක් ලෙස දෙමව්පියන් දක්වා ඇත්තේ තම දරුවන්ට සාධාරණයක් ඉටුකර ගැනීමයි.

මීගහතැන්න ප‍්‍රාථමික විද්‍යාලයේ පළමු වසරට තම දරුවන් ඇතුළත් කර ගන්නා ලෙස ඉල්ලමින් මෙම දෙමව්පියන් පිරිස ඉකුත්දා උපවාසයකද නිරත වුණා. ඒ, සංස්කෘතික නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාද සමගයි.

දෙමව්පියන් විසින් ජනාධිපතිවරයා සහ අග‍්‍රාමාත්‍යවරයා වෙත යොමු කරන ලද ලිපිය පහතින් දැක්වෙයි.

 

 

ඉදිරි පත් කළ ලිපිය-1 ඉදිරි පත් කළ ලිපිය-2 ඉදිරි පත් කළ ලිපිය-3