Tuesday, January 7, 2025

General line - 0115112241

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනෙන් කිසිදු පාර්ශවයකට හානියක් නැහැ - රජයෙන් ප්‍රකාශයක්




වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් දේශපාලඥයින් විසින් විවිධ අදහස් පළ කරනවා.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පැවසුවේ රජය විසින් ආරම්භ කර ඇති “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන නිසි ක්‍රමවේදයකට අනුව සිදුකල යුතු බවයි.

රජය විසින් ආරම්භ කර ඇති “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන මඟින් කිසිදු සාමාන්‍ය පුද්ගලයෙකුට අගතියක් සිදු නොවන බවයි ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා පැවසුවේ. 

රජයේ වගකිව යුතු බලධාරින් යම් ප්‍රකාශයක් සිදු කිරීමේදී වගකීමකින් යුතුව එය සිදුකල යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා පවසනවා.