Tuesday, January 7, 2025

General line - 0115112241

වන අලින් පළවා හැරීමේ මෙහෙයුමට GPS තාක්ෂණ යොදා ගනී




GPS තාක්ෂණය භාවිතා කරමින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක සිටින වන අලින් විල්පත්තුව දක්වා පන්නා දැමීමේ මෙහෙයුම් ආරම්භ කිරීමට වනජීවී දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. 

ඒ අනුව ඨඡී තාක්ෂණය සහිත කරපටියක් වන අලින්ට පැළඳීමේ මෙහෙයුමක් ඔයාමඩුවෙන් ආරම්භ කර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. 

වන අලි සිටින ස්ථාන හඳුනාගැනීම සහ ඔවුන්ගේ ගමන් මාර්ග අධ්‍යයනය කිරීම මෙම මෙහෙයුමේ අරමුණයි. 

වගා හානි බහුලව සිදුවන අනුරාධපුර දිස්ත්‍රික්කයේ වෙසෙන වන අලි රක්ෂිත වෙත පළවා හැරීමේ මෙහෙයුමක් පසුගියදා ආරම්භ වුණා. 

ඒ අනුව අනුරාධපුර ප්‍රදේශයේ වෙසෙන වන අලි විල්පත්තුව ජාතික වනෝද්‍යානය දක්වා පන්නා දැමීමේ කටයුතු ආරම්භ වුවත් ප්‍රදේශවාසීන් චෝදනා කළේ එම කටයුතු අතරමඟ නවතා දැමීම හේතුවෙන් ප්‍රදේශ කිහිපයක වන අලි ගැටලුව තීව්‍ර වී ඇති බවයි.