Tuesday, January 7, 2025

General line - 0115112241

පර්පෙචුවල් ට්‍රෂෙරීස් සමාගම ගැන මහා බැංකුවෙන් නිවේදනයක්




පර්පෙචුවල් ට්‍රෂෙරීස් සමාගම ප්‍රාථමික අලෙවිකරුවෙකු වශයෙන් කරනු ලබන ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් අත්හිටුවීමට ගෙන ඇති තීරණය තවත් මාස හයකින් දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන තිබෙනවා. 

මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව මාධ්‍ය වෙත නිවේදනයක් යොමුකරමින් මේ බව සඳහන් කළා. 

ඒ අනුව පර්පෙචුවල් ට්‍රෂෙරීස් සමාගමෙහි ව්‍යාපාර කටයුතු අත්හිටුවීමට ගෙන ඇති තීරණය අද පස්වරු 04.30 සිට බලපැවැත්වෙන පරිදි තවත් මාස හයකින් දීර්ඝ කර තිබෙනවා.

ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥාපනත හා දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥාපනත යටතේ නිකුත් කරන ලද නියෝගයන්ට අනුව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කරනු ලබන විමර්ශන කටයුතු තවදුරටන් සිදුකරගෙන යාමේ අරමුණින් මෙම නියෝගය ක්‍රියාත්මක කරනු ලබනවා.