Wednesday, May 8, 2024

General line - 0115112241

කැන්ගරුවෝ 3 – 0 ලෙස පාකිස්ථානය පරදවති




පාකිස්තානය සමග පැවති ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තුනට බින්දුවක් ලෙස ජයගැනීමට ඕස්ට්‍රේලියාව අද සමත් වුණා.

ඒ, මෙම තරගාවලියේ තුන්වන තරගය ලකුණු 220කින් ජයගනිමින්.

ජයග්‍රහණය සඳහා සිය දෙවන ඉනිමේදී ලකුණු 465ක ඉලක්කයක් හඹාගිය පාකිස්තාන කණ්ඩායම අද පෙරවරුවේ ලකුණු 244කට සියලූ දෙනා දැවී ගියා.

පළමු ඉනිමේදී සියලූ දෙනා දැවී ඔවුන් රැස්කරගත්තේ ලකුණු 315ක් පමණයි.

ඕස්ට්‍රේලියාව පළමු ඉනිම සඳහා කඩුලූ 8ක් දැවී ලකුණු 538ක් ද දෙවන ඉනිම සඳහා කඩුලූ 2ක් දැවී ලකුණු 241ක් ද ලබාගත්තා.

තරගය පැවැත්වුණේ සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි.