Saturday, April 27, 2024

General line - 0115112241

ලංකා පුවත් ගැන අමාත්‍යංශයෙන් පරීක්ෂණ




ජනමාධ්‍ය අමාත්‍යංශය යටතේ පවතින ලංකා පුවත් ඒජන්සියේ සිදුවූ සිද්ධීන් කිහිපයක් පිළිබඳව පරීක්ෂණ පැවැත්වීමට අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් නිතීඥ නිමල් බෝපගේ මහතාගේ උපදෙස් මත මෙම පරීක්ෂණ පැවැත්වීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

මුල්‍ය කටයුතු සම්බන්ධයෙන් මෙම පරීක්ෂණ පැවැත්වෙනවා.

මේ සම්බන්ධයෙන් අමාත්‍යංශයේ ලේකම් නිතීඥ නිමල් බෝපගේ මහතාගෙන් කළ කරුණු විමසීමක දී ඔහු සඳහන් කළේ එවැනි පරීක්ෂණයක් පැවැත්වීමට පියවර ගෙන ඇති බවයි.