Friday, March 29, 2024

General line - 0115112241

භාරත ඝාතන තීන්දුව ‘8’ වන දා




භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන නඩුවේ තීන්දුව සැප්තැම්බර් මස 8වන දින ප්‍රකාශයට පත් කිරීමට කොළඹ මහාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල තීරණය කර තිබෙනවා.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ඇතුළු 13ක් මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස නම් කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුව අද (14) කැඳවූ අවස්ථාවේ දී කොළඹ මහාධිකරණයේ ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියෝග කළේ දෙපාර්ශවයේ ලිඛිත දේශණ ලබන 12 වනදාට පෙර ගොනු කරන ලෙසයි.

හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා මහතාට විදෙස්ගත වීම සඳහා අවසර ලබාදෙන්නැයි ඔහුගේ නීතීඥයන් මෙහිදී අධිකරණයෙන් ඉල්ලා සිටියා.

කෙසේවෙතත් එම ඉල්ලීම ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ප‍්‍රතික්ෂේප කළ බවයි නෙත් නිවුස් අධිකරණ වාර්තාකරු පැවසුවේ.