නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් ඇතුළු නායකයින්ගේ විශේෂ හමුවක් ඊයේ (08) රාත‍්‍රියේ පැවැත්වුණා.
විපක්ෂ නායක ආර්. සම්බන්ධන්ගේ ප‍්‍රධානත්වයෙන් එම සාකච්ඡාව පැවැත්වුණේ කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදීයි.
පාර්ලිමේන්තු මන්ත‍්‍රී ශිවශක්ති ආනන්දන් සඳහන් කළේ නව ව්‍යවස්ථාවෙන් උතුරු නැගෙනහිර පළාත් සඳහා බලතල ලබාගැනීම සම්බන්ධයෙන් මෙහිදී විශේෂ අවධානයක් යොමු කළ බවයි.
රජය හරහා දෙමළ ජනතාවගේ ගැටළු සඳහා විසඳුම් ලබාගැනීම මෙන්ම වර්තමාන දේශපාලන තත්වය සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා කෙරුණු බව ඔහු සඳහන් කළා.
ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා, ප්ලොට් සංවිධානයේ නායක ධර්මලිංගම් සිද්ධාර්ථන් ඇතුළු දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් මෙම සාකච්ඡාවට එක්වුණා.