Wednesday, May 8, 2024

General line - 0115112241

දුප්පතුන්ට සහ කාන්තාවන්ට ක්ෂුද්‍ර මූල්‍ය ණය ක්‍රමයක්




දුප්පත් ජනතාවගේ වැඩි පිරිසකට සහ කාන්තාවන්ට ණය පහසුකම් ලබාදෙන ක්ෂුද්‍ර මූල්‍ය ණය ව්‍යාපාරය 2016 ජූලි 11වන දින ගැසට් පත්‍රය අනුව ක්‍රියාත්මක කරන බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසනවා.

ක්ෂුද්‍ර මූල්‍ය ණය ව්‍යාපාරය මෙරටදී පාලන තන්ත්‍රයකට යටත් වන පළමු අවස්ථාව මෙය බවයි එම කාර්යාලය පෙන්වා දෙන්නේ.

මීට පෙර නෛතික රාමුවක් නැති වීම නිසා ක්ෂුද්‍ර ණය මුවාවෙන් දඬුවම් මුදලාලි සහ සක්විති වැන්නවුන් බිහිවූ බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළා.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජාතික ප්‍රත්පත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යවරයා වශයෙන් කර ඇති නියෝගයට අනුව මෙය ක්‍රියාත්මක වන බවද එම කාර්යාලය දන්වා සිටිනවා.

rrrrrr