Thursday, April 25, 2024

General line - 0115112241

පුද්ගලික බස් රථ සේවකයන්ට ස්ථිර මාසික වැටුප්




පුද්ගලික බස් රථ සේවකයන්ට ස්ථිර මාසික වැටුප් ලබා දීමේ ක්‍රමයක් සකසන බව මධ්‍යම පළාත් ප්‍රවාහන අධිකාරියේ සභාපති එරික් වීරවර්ධන මහතා පවසනවා.

අද (14) පැවැති මාධ්‍ය හමුවක දී ඔහු සඳහන් කළේ ඒ අනුව අර්ථසාධක වරප්‍රසාදය ඔවුන්ට හිමිවන බවයි.

පුද්ගලික අංශයේ සේවය කරන කොන්දොස්තරවරුන්ට සහ රියදුරන්ට මේ වන විටත් නිශ්චිත වැටුප් ක්‍රමයක් නොමැති බවයි ඔහු පෙන්වා දෙන්නේ.