Thursday, April 18, 2024

General line - 0115112241

අම්පාරෙන් කල්මුණේ වෙන් කළ යුතුයි – කොංග්‍රසයේ නියෝජ්‍ය නායකයා දැඩි තීරණයක




අම්පාර දිස්ත්‍රික්කයෙන් කල්මුණ වෙරළබඩ දිස්ත්‍රික්කය වෙනම දිස්ත්‍රික්කයක් ලෙස නොපිළිගන්නේ නම් තමන් නියෝජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බව ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය මුස්ලිම් කොංග්‍රසයේ නියෝජ්‍ය නායක එච්.එම්.එම්.හරීස් මහතා පවසනවා.

නගරාධිපති කාර්යාලයේ පැවති රැස්වීමකට සහභාගී වෙමින් ඔහු සඳහන් කළේ එසේ නොකළ හොත් ව්‍යවස්ථා සංශෝධනයේදී විරුද්ධව තම ඡන්දය භාවිතා කරන බවයි.

මෙම ඉල්ලීම අම්පාර දිස්ත්‍රික් මුස්ලිම් ජනතාවගේ දීර්ඝකාලීන ඉල්ලීමක් වන බව පෙන්වා දෙන ඔහු චම්පික රණවක මහතා විරුද්ධ වන බව සිතා මුස්ලිම් ජනතාවගේ අයිතිවාසිකම් වල දැමීමට ඉඩ දිය නොහැකි බව සඳහන් කළා.

අම්පාර දිස්ත්‍රික්කයේ සියයට හැත්තෑවක් පමණ ද්‍රවිඩ භාෂාව කතා කරන ජනතාව ජීවත්වන නමුදු සිංහල නිලධාරීන් මෙම දිස්ත්‍රික්කයේ පරිපාලන නිලධාරීන් ලෙස පත් වීම අසාධාරණයක් බවයි ඔහු පෙන්වා දෙන්නේ.