Tuesday, December 24, 2024

General line - 0115112241

තරුණයින්ගේ සහ කාන්තාවන්ගේ අදහස්වලට ඉඩ දෙන්න




පළාත් පාලන මැතිවරණය එළඹෙන අපේ‍්‍රල් 30 වැනිදාට පෙර පැවැත්විමට නොහැකි බව මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප‍්‍රිය පවසනවා.

මැතිවරණ මහලේකම් කාර්යාලයේ අද (16) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියා.

ඡන්ද කල් දැමීම ප‍්‍රජාතන්ත‍්‍රවාදයට හානියක් සිදු වන බවත් එමගින් සර්ව ජන ඡන්ද බලය පිළිබඳ මහජනයාගේ විශ්වාසය කඩ වන බවත් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මෙහිදි සඳහන් කළා.

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය මූලික කටයුතු සිදු කළ යුත්තේ පළාත් පාලන අමාත්‍යංශය මගින් බවද මෙහිදි ප‍්‍රකාශ කෙරුණා.

එමෙන්ම මෙරට තරුණයින්ට සහ කාන්තාවන්ට තම අදහස් දැක්වීමට අවශ්‍ය ඉඩ ප්‍රස්ථාව ලබාදිය යුතු බව ද මහින්ද දේශප්‍රිය සඳහන් කළා.

එවිට මැතිවරණයකදී ඉදිරිපත් වන අපේක්ෂකයින්ගේ නියෝජනයේ වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බවයි ඔහු  වැඩිදුරටත් පවසා සිටියේ.

මෙරට සුවිශේෂී අවස්ථාවන්වලදී ඉදිරියට පැමිණෙන තරුණ තරුණියන් දේශපාලන නියෝජනයට සහභාගී වීමට මැලිකමක් දැක්වීම දේශපාලන නියෝජනය අවම වීමට හේතුවක් වී ඇති බවද මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා පෙන්වා දුන්නා.