අසිරිමත් නත්තල උදාවට තවත් ඇත්තේ හෝරා කිහිපයක් පමණයි. ඒ සඳහා මෙරට කිතුනු බැතිමතුන්ද මහත් උවමනාවෙන් සූදානම් වන ආකාරය අද දිනය පුරාද දැකගත හැකි වුණා.
එමෙන්ම අද මධ්‍යම රාත්‍රියේ දිව්‍ය මෙහෙයට සහභාගී වීමට සූදානමින් සිටිනවා. කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ප්‍රධාන දේව මෙහෙය ජා ඇල වික්ෂෝප දේව මාතා දෙව්මැදුරේදී රාත්‍රී 11යි 40ට දේව මෙහෙය ආරම්භ වීමට නියමිතයි.
මේ, ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ කොළඹ අගරදගුරු පදවි ජන සන්නිවේදන අධ්යක්ෂ ජූඩ් ක්‍රිෂාන්ත පියතුමන්.
සියලු දේවස්ථානවල විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බැවින් කිසිදු බියක් හෝ සැකයක් නොමැතිව දේවස්ථානවලට ගොස් ආගමික වතාවත්වල නිරත වන්නැයි කිතුනු බැතිමතුන්ගෙන් ඉල්ලීමක්ද කළා.