ඩෙංගු රෝගීන් විශාල ප්‍රමාණයක් දිනපතා ප්‍රතිකාර සඳහා ඇතුළත් විම හේතුවෙන් ජාතික බෝ නොවන රෝග විද්‍යායතනය හෙවත් අයි. ඩී. එච් උණ රෝහලේ මේ දිනවල දැඩි තදබදයක් ඇති වී තිබෙනවා.
එහි ළමා රෝග විශේෂඥ වෛද්‍ය නිෂාදි රණසිංහ පැවසූවේ ඩෙංගු රෝගය වැලඳුණු බවට සැකකෙරෙන 80 දෙනෙකු පමණ දෛනිකව රෝහල වෙත පැමිණෙන බවයි.
ඒ අතරින් සියයට 75කට පමණ ඩෙංගු උණ වැලඳී ඇතැයි තහවුරු වන බවද විශේෂඥ වෛද්‍ය නිෂාදි රණසිංහ සඳහන් කළා.
රෝගින්ගෙන් වැඩි ප්‍රමාණයක් රෝහලට පැමිණෙන්නේ පසුගිය වසරේ ඩෙංගු රෝගින් වැඩි වශයෙන් වාර්තා වූ ප්‍රදේශවලින් බවයි විශේෂඥ වෛද්‍ය නිෂාදි රණසිංහ වැඩිදුරටත් සඳහන් කළේ.
මේ වසරේ පළමු දින 12 තුළ ඩෙංගු රෝගීන් 1200කට වැඩි පිරිසක් වාර්තා වී ඇති බවද සෞඛ්‍ය අමාත්‍යංශය පසුගියදා ප්‍රකාශ කළා.