Wednesday, January 15, 2025

General line - 0115112241

අත්සනක් අඩු වුණත් සීමා නිර්ණ වාර්තාව අද ඇමති අතට




පළාත් පාලන කොට්ඨාස සීමා නිර්ණ අභියාචනා කමිටුවේ වාර්තාව අද (17) දිනයේ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා වෙත භාර දෙන බව කමිටු සභාපති අශෝක පීරිස් පවසනවා.

එම වාර්තාව ඊයේ දිනයේ අමාත්‍යවරයා වෙත භාරදීමට නියමිතව තිබුණ ද එක්සත් ජාතික පක්ෂ නියෝජිතයා වන නීතිඥ මිස්බා සතාර් ඊට අත්සන් නොතැබීම හේතුවෙන් එය අද දිනය දක්වා කල්දැමීමට සිදුවූ බව අශෝක පීරිස් පැවසුවා.

අද දිනයේ එක්සත් ජාතික පක්ෂ නියෝජිතයා අත්සන් නොතැබුවද වාර්තාව අමාත්‍යවරයා වෙත භාරදීමට කටයුතු කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.