Tuesday, September 17, 2024

General line - 0115112241

උඩුවේ ධම්මාලෝක හිමියන්ගේ නඩුව කල් යයි




නිසි බලපත‍්‍රයක් නොමැතිව අලි පැටවකු රඳවා ගත්තේයැයි කියන චෝදනාව සම්බන්ධයෙන් උඩුවේ ධම්මාලෝක හිමියන්ට එරෙහිව පවරා ඇති නඩුව ලබන මාර්තු මස 16 සහ 17 වන දින විභාගයට ගැනිමට අද නියෝග කෙරුණා.

ඒ, අදාළ නඩුවේ පැමිණිල්ලේ පළමු සාක්ෂිකරු වන හිටපු නියෝජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක අධිකරණයට නොපැමිණිම හේතුවෙන්.

නඩුවේ විත්තිකාර උඩුවේ ධම්මාලෝක හිමියන් අධිකරණයට පැමිණ සිටි බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

පැමිණිල්ලේ පළමු සාක්ෂිකරු නොමැති වීම නිසා ඔහුට යළි සිතාසි නිකුත් කරන ලෙසද කොළඹ මහාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මෙහිදි නියෝග කළා.