Monday, December 2, 2024

General line - 0115112241

අතේ ඇති ගිනි අවි භාර දෙන්නැයි යළිත් ඉල්ලීමක්




විවිධ දේශපාලනඥයින්ට හා රජයේ ඉහළ නිලධාරීන්ට පසුගිය කාලසීමාවේ නිකුත් කර ඇති ගිනි අවි භාර දෙන්නැයි ආරක්‍ෂක අමාත්‍යාංශය යළි ඉල්ලිමක් කරනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් සභා මන්ත්‍රීවරුන්, විවිධ දේශපාලන පක්ෂවල නායකයින් හා දේශපාලන සංවිධානවලට මෙන්ම, රජයේ විධායක තනතුරු දැරූ නිලධාරීන් වෙත එලෙස ගිනි භාර දී ඇති බවයි ආරක්‍ෂක අමාත්‍යාංශය පැවසුවේ.

ජීවිත ආරක්ෂාව සඳහා ඒවා නිකුත් කර තිබුණේ ශ්‍රී ලංකා පොලීසියෙන් හා යුද හමුදාවෙන්. එලෙස පිස්තෝල, රිවෝල්වර් හා පතරොම් තුවක්කු සැලකිය යුතු ප්‍රමාණයක් ඇති බවයි ආරක්ෂක අමාත්‍යංශය නිරීක්ෂණය කර ඇත්තේ.

එම ගිනිඅවි දෙසැම්බර් මස 30 වන දිනට පෙර ළඟම ඇති පොලිස් ස්ථාන වෙත භාරදීමට කටයුතු කරන ලෙස එම අමාත්‍යාංශය අදාල පුද්ගලයන්ට දැනුම් දෙනු ලබනවා.

ගිනි අවි ලබාදුන් පුද්ගලයින්ගේ නාම ලේඛනයක් පොලීසිය සතුයි.

එම නාම ලේඛනයේ නම් සඳහන් පුද්ගලයින්ගේ තොරතුරු විමසා ගිනි අවි පොලිසිය භාරයට ගැනීමට සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත උපදෙස් ලබාදී ඇති බවද ආරක්‍ෂක අමාත්‍යාංශය පවසනවා. 

දැනටමත් එම පුද්ගලයින් ගිනිඅවි රජයට භාරදී ඇත්නම් ඒ පිළිබඳ සනාථ කරන ලේඛන පොලිස් නිලධාරීන්ට ලබාදීමෙන් සහයෝගය ලබාදෙන ලෙසයි ආරක්ෂක අමාත්‍යංශය වැඩිදුරටත් දැනුම්දෙන්නේ.