Tuesday, September 17, 2024

General line - 0115112241

රතන හිමි ගැන ගම්මන්පිල කතා කරයි




අතුරලියේ රතන හිමියන් ගත් තීරණය අගය කරන බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල පැවසුවා.

ඔහු මේ අදහස් පළ කළේ පිවිතුරු හෙළ උරුමය ප‍්‍රධාන කාර්යාලයේ අද (17) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

ඒ අනුව රතන හිමියන් වැරදුණු බව දැන නිවැරදි මාවතකට එන්නට කටයුතු කර ඇති බවයි පෙන්වා දුන්නේ.

දුක්ඛ සත්‍යය දුටු උන් වහන්සේ ඒ බව එළියට පැමිණ කී බවත් එසේ කළ රතන හිමියන්ගේ අවංක බව හා නිහතමානිකම අගය කරන අතරම ඒ මඟ ගමන් කරන්නැයි අනෙක් අයගෙන් ද ඉල්ලා සිටින බවත් ගම්මන්පිල පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා කීය සිටියා.

එහිදී හෙතෙම පැවසුවේ “අපි දන්නවා මිනිස්සුන්ට වරදිනවා. රතන හාමුදුරුවන්ට නෙමෙයි සිදුහත් තවුසටත් වැරදුනානේ. රතන හාමුදුරුවන්ට එක පාරට මහා පිම්මක් පනින්න බැහැනේ. ඉතින් උන්වහන්සේට තව කල් තියෙනවා. අපි රතන හාමුදුරුවන්ට තව ටිකක් කල් දෙමු මේ ආණ්ඩුව නිවරැදි කරන්න බැහැ කියලා තේරුම් ගන්න.” යනුවෙන්ද පැවසුවා.