හම්බන්තොට ඉකුත්දා ඇති වූ නොසන්සුන්තාව අතරවාරයේදී භික්‍ෂූන් වහන්සේ පිරිසකට කෙරුණු පහරදීමට සහ ඇතැම් මහජන නියෝජිතයන් එහිදී භාවිත කළ වචනවලට විරෝධය පළ කරමින් සංඝ ආඥාවක් නිකුත් කරන බව වයඹ අධිකරණ සංඝ නායක පූජ්‍ය රැකව ජිනරතන හිමියන් පවසනවා.
උන්වහන්සේ ඒ බව පැවසුවේ කුරුණෑගල බෞද්ධාලෝක විහාරයේ අද (17) පැවැත්වූ මාධ්‍ය හමුවකදීයි.
එහිදී වැඩි දුරටත් පැවසුනේ “බොහෝ හාමුදුරුවන් වහන්සේලාට අඩත්තේට්ටම් කරලා. මහා විපතක් විනාශයක් සිද්ධ වුණා. පක්ෂ විපක්ෂ භේදයක් නැතිව කුරුණෑගල දිස්ත්‍රික් සියලු ස්වාමීන් වහන්සේලා අප්‍රසාදය පළ කරනවා. අපි සංඝ ආඥාවක් නිකුත් කරනවා මේ වචන භාවිතය සම්බන්ධයෙන්.” යනුවෙනි.
භික්‍ෂූන් වහන්සේට ගරු කරමින් සහ තනතුරේ ගෞරවයද ආරක්‍ෂා කර ගනිමින් කටයුතු කරන්නැයි පොලිස්පති පූජිත් ජයසුන්දරගෙන්ද මෙහිදී ඉල්ලීමක් කෙරුණා.