Tuesday, September 17, 2024

General line - 0115112241

රටේ සංවර්ධනයට සියලූ ජාතීන් අතර සහෝදරත්වය වර්ධනය වියයුතුයි




රටේ සංවර්ධනය සදහා සියලූ ජාතීන් අතර සහෝදරත්වය වර්ධනය වියයුතු බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ නිදහස් සටනේදී සිංහල, දෙමළ සහ මුස්ලිම් සියලූ ජනකොටස් එක්ව රට වෙනුවෙන් සටන් කළ බවයි. කොළඹ ටී බී ජයා මාවතේ ඉදිකෙරුණු මුස්ලිම් සංස්කෘතික මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියාසිටියා.