Tuesday, September 17, 2024

General line - 0115112241

හෝමාගමදීත් වෙඩි තබයි – අයෙක් මරුට




හෝමාගම පිටිපන ප්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

ඝාතනයට සම්බන්ධ සැකකරුවන් සොයා පරීක්ෂණ ක්‍රියාත්මකයි.

වෙඩි තැබීමෙන් මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 34 ක් පමණ වන අයෙකු බවයි වැඩි දුරටත් සඳහන් වන්නේ.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් පිටිපන ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක් අසළ සිටි පුද්ගලයෙකුටයි මෙලෙස වෙඩි තබා ඇත්තේ.

මරණකරු ඉලේපෙරුම දොන් චමින්ද පෙරේරා නැමැති මීගොඩ පදිංචි පුද්ගලයෙක්.

හෝමාගම අධිකරණයේ විභාග වූ නඩුවකට පෙනී සිට නැවත යමින් සිටියදී ඔහු මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බවයි පොලිසිය වැඩි දුරටත් සඳහන් කළේ.