Tuesday, September 17, 2024

General line - 0115112241

FCID ලොකු පුටුවක් අලුත් වෙයි




පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට නව අධ්‍යක්ෂවරයෙකු පත් කර තිබෙනවා.

ඒ අනුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පී.කේ.ඩී ප්‍රියන්ත එම දූරයේ කටයුතු කරනු ඇති.

මේ අතර පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සී.ඒ ප්‍රේමශාන්ත නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස් කර මොණරාගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස පත් කර තිබෙනවා.