Tuesday, September 24, 2024

General line - 0115112241

ගාලුමුවදොර නත්තල් ගසේ ගිනස් වාර්තා සහතිකය තවම නැහැ




වරාය හා නාවික කටයුතු අමාත්‍යංශ විසින් කොළඹ ගාලුමුවදොර පිටියේ ඉදිකළ නත්තල් ගසට මෙතෙක් ගිනස් වාර්තා සහතිකය හිමි වී නොමැති බව නෙත් නිවුස් වෙත වාර්තා වනවා.

ඉකුත් දෙසැම්බර් මස 25 වැනිදා සිට සතියක් පුරා ප‍්‍රදර්ශනය කෙරුණු මෙම නත්තල් ගසේ උස අඩි 238 ක්. නත්තල් ගස පිළිබඳව තොරතුරු ලබා ගැනීමට ගිනස් වාර්තා කමිටුවේ කිසිඳු සාමාජිකයෙකු දිවයිනට නොපැමිණි අතර, වරාය හා නාවික කටයුතු අමාත්‍යංශය එහි තොරතුරු ලබා දී තිබුණේ අන්තර්ජාලය හරහායි.

මේ පිළිබදව නෙත් නිවුස් වරාය හා නාවික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගමගෙන් විමසීමක් කළා.

එහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ සති දෙකකින් පමණ එම ගිනස් වාර්තාවට අදාළ සහතික හිමිවනු ඇති බවයි.

කෙසේ වෙතත් නත්තල් ගස ඉදිකිරීම දින කිහිපයක් නතර වීම නිසා ගිනස් වාර්තාවට අදාළ උස ප‍්‍රමාණයට ළගා වීමට නොහැකි වූ බවයි ඊට දායක වූ පිරිස් ඉකුත් දා සඳහන් කළේ.

කොළඹ ගාලුමුවදොර පිටියේ ඉදිවූ කෘති‍්‍රම නත්තල් ගස අඩි 238 ක් වුවද, තවමත් ගිනස් වාර්තා නිල වෙබ් අඩවියේ ලොව උසම නත්තල් ගස ලෙස දැක්වෙන්නේ 2009 වසරේ බ‍්‍රසීලයේ ඉදිකළ නත්තල් ගසයි.

Capture christmas_trees