Saturday, April 20, 2024

General line - 0115112241

ත‍්‍රස්ත බිය නිසා ප‍්‍රංශයේ හදිසි කාලය දීර්ඝ කෙරේ




ත‍්‍රස්ත බිය නිසා ප‍්‍රංශයේ හදිසි කාලය දීර්ඝ කෙරේ

ප‍්‍රංශයේ නයිස් නගරයට එල්ල වූ ප‍්‍රහාරය මුස්ලිම් අන්තවාදීන්ගේ ත‍්‍රස්ත කි‍්‍රයාවක් විය හැකි බවට එරට ජනාධිපති François Hollande මහතා පවසනවා.

ප‍්‍රහාරයෙන් පසු විශේෂ ප‍්‍රකාශයක් කරමින් ජනාධිපතිවරයා පෙන්වාදී ඇත්තේ ත‍්‍රස්තවාදීන්ට එරෙහිව ගත හැකි සෑම පියවරක්ම අනුගමය කිරීමට තම රජය කටයුතු කරන බවයි.

ප‍්‍රංශයේ නිදහස් දින සැමරුම් උත්සවයකට ඊයේ (14) එල්ල වූ මෙම ප‍්‍රහාරයෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 84 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

තවත් 50කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ. ඔවුන්ගෙන් 18 දෙනෙකුගේ තත්වය බරපතල බවද එම වාර්තාවල දැක්වෙනවා.

මේ අතර ප‍්‍රංශයට පවතින ත‍්‍රස්ත අවදානම තවදුරටත් වර්ධනය වීම නිසා මේ මස 26 වැනිදායින් අවසන් වීමට නියමිතව හදිසි තත්ත්වය තවත් මාස 3කින් දීර්ඝ කිරීමට ජනාධිපති François Hollande මහතා තීරණය කළා.

François Hollande 013500