Wednesday, December 25, 2024

General line - 0115112241

සබඳතා තර කරමින් ඉන්දියාව සහ කුවේටය අතර නව ද්විපාර්ශවික ගිවිසුමක්




පසුගිය දා සිදු කෙරුණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ කුවේට් සංචාරයේදී දෙරට අතර ආරක්‍ෂාව, බලශක්තිය, වෙළඳාම, ආයෝජනය සහ තාක්‍ෂණය වැනි ක්ෂේත්‍රවල සහයෝගීතාව පුළුල් කිරීම ඔස්සේ දෙරටේ ද්විපාර්ශවික සබඳතාව උපායමාර්ගික හවුල්කාරිත්වයකට ඔසවා තැබීම මූලික අරමුණක් වී තිබුණි.

එමෙන්ම ඉන්දීය අගමැතිවරයකු වසර 43කට පසු කුවේට් වෙත පැමිණි පළමු අවස්ථාවද එය ලෙස මෝදිගේ මෙම කුවේට් සංචාරය ඉතිහාස ගත විය.

මෝදිගේ සංචාරයේදී පුහුණුව, ඒකාබද්ධ අභ්‍යාස, ආරක්ෂක කර්මාන්තය සහ ආරක්ෂක උපකරණ සැපයීමේ සහයෝගීතාව ඉහළ නැංවීමට තුඩු දෙන ආරක්‍ෂාව පිළිබඳ අවබෝධතා ගිවිසුමකට දෙපාර්ශ්වය අත්සන් තැබූ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

දෙරට අතර සමීප බලශක්ති සහ ව්‍යාපාරික සබඳතා ඇති අතර ඉන්දියාව කුවේටයේ ඉහළම වෙළඳ හවුල්කරුවන් අතර වන අතර 2023-24 කාලය තුළ ඩොලර් බිලියන 10.47 ක් වටිනා ද්වි-මාර්ග වෙළඳාමක් දෙරට අතර සිදුව තිබේ. 

කුවේට් යනු ඉන්දියාවේ හයවන විශාලතම බොරතෙල් සැපයුම්කරු වනවා.

එමෙන්ම කුවේටය ඉන්දියාවේ හතරවන විශාලතම LPG සැපයුම්කරු වන අතර එය රටේ බලශක්ති අවශ්‍යතාවයෙන් 3%ක් සපුරාලයි.

සිය කුවේට් සංචාරයේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි දෙරට අතර පවතින සබඳතා සමාලෝචනය කිරීමට සහ සහයෝගීතාවයේ නව ක්ෂේත්‍ර හඳුනා ගැනීම සම්බන්ධයෙන් කුවේට‍යේ එමීර් ෂෙයික් මෙෂාල් අල්-අහමඩ් අල්-ජාබර් අල්-සබා, ඔටුන්න හිමි කුමරු වන ෂෙයික් සබා අල්-ඛලීඩ් අල්-හමාඩ් අල්-මුබාරක් අල්-සබා  අගමැති, ෂෙයික් අහමඩ් අල්-අබ්දුල්ලා අල්-අහ්මඩ් අල්-සබා සමග සාකච්ඡා පවත්වා තිබේ.

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ කුවේට්හි එමීර් අතර පැවති හමුවේදී දෙපාර්ශවය ද්විපාර්ශ්වික සහයෝගීතාව පුළුල් කිරීමට ඇති කැපවීම යළිත් තහවුරු කළ අතර සබඳතා උපායමාර්ගික හවුල්කාරිත්වයක් දක්වා ඉහළ නැංවීමට එකඟ වූ බව ද ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.