අමෙරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්ව සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් අභාවප්‍රාප්ත ජපාන අගමැති ෂින්සෝ අබේගේ වැන්දඹු බිරිඳ වන අකී අබේ සමඟ සාකච්ඡාවක් පවත්වා තිබේ.
එහිදී ඩොනල්ඩ් ට්‍රම්ප්, තායිවානය “ලෝක සාමය සඳහා ප්‍රධාන ප්‍රශ්නයක්” ලෙස හැඳින්වූ බව තායිපේ ටයිම්ස් වාර්තා කරයි.
මෙම සාකච්ඡාව ඉකුත් දා ෆ්ලොරිඩාවේ ඩොනල්ඩ් ට්‍රම්ප්ට අයත් Mar-a-Lago වතුයායේ දී සිදු වූ අතර එහිදී ඔවුන් දෙදෙනා ගෝලීය ගැටලු රාශියක් සාකච්ඡා කළ බව විදෙස් මාධ්‍ය පවසයි.
එහිදී දැනට පවතින රුසියානු -යුක්රේන යුද්ධය සහ තායිවාන් සමුද්‍ර සන්ධියේ ආතතීන් සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ බව සඳහන්.
තායිවානයේ වැදගත්කම පිළිබඳ ට්‍රම්ප්ගේ ප්‍රකාශයන් තායිවාන-චීන ගැටුමේ වැදගත්කම සහ ලෝක සාමය සඳහා එහි පුළුල් ඇඟවුම් ඉස්මතු කළ බවයි පැවසෙන්නේ.
තායිවානයේ තත්ත්වය ආමන්ත්‍රණය කිරීමට ඉහළ ප්රමුඛත්වයක් ලබා දීමේ ඔහුගේ පරිපාලනයේ ස්ථාවරය මෙයින් පෙන්නුම් කෙරෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.