Wednesday, December 25, 2024

General line - 0115112241

ඊ නිවුස් කර්තෘට නොතීසි




ලංකා ඊ නිවුස් වෙබ් අඩවියේ කර්තෘ ප‍්‍රදීප් සඳරුවන් සේනාධීරට මාර්තු මස 03 වෙනි දින ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටින්නැයි අද (19) නොතීසි නිකුත් කෙරුණා.

ඒ, අධිකරණ ක්ෂේත‍්‍රයේ රාජකාරී කරන විනිසුරුවරුන්ට අපහාස වන ආකාරයේ පුවත් එම වෙබ් අඩවිය තුළ පළ කිරීමෙන් අධිකරණයට අපහාසයක් සිදුවනවා යැයි පවසමින් ගොනුකර ඇති පෙත්සම් 14 ක් සැලකිල්ලට ගනිමින්.

ශ්‍රේෂ්ඨාධිකරණයේදී මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේදී මාලඹේ පිහිටි ඔහු පදිංචි නිවසට සිතාසි යොමු කිරීමට ද ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල මෙහිදී නියෝග කළා.