ගල්අඟුරු මිලදී ගැනීමේදී සිදුවූ බව කියන වංචාව තමා පිට පැටවීමේ අරමුණින් ලංකා ගල්අඟුරු සමාගමේ සභාපති ධුරයෙන් තමන් ඉවත් කර ඇති බව මෛත‍්‍රී ගුණරත්න පවසනවා.
අදාළ ටෙන්ඩර් කැඳවීමේදී සියලු පිඹුරු පත් සකසනු ලැබුවේ විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශයේ ලේකම් සුරේන් බටගොඩ විසින් බවයි ඔහු සඳහන් කළේ.
හිටපු සභාපති මෛත‍්‍රී ගුණරත්නගේ මෙම ප‍්‍රකාශයට ප‍්‍රතිචාර දක්වමින් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශයේ ලේකම් සුරේන් බටගොඩ පැවසුවේ ඉකුත් සමයේ ටෙන්ඩර් කොන්ත‍්‍රාත් 8ක් අමාත්‍ය මණ්ඩල අනුමැතියකින් තොරව ප‍්‍රදානය කර ඇති බවයි.
විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශයේ ලේකම්වරයා නීත්‍යානුකූලව කටයුතු නොකරන බව අවස්ථා කිහිපයකදී ඉකුත් සමයේ විෂය භාර අමාත්‍යවරයා වූ පාඨලී චම්පික රණවක ද දැනුවත් කළ බවයි ගල්අඟුරු සමාගමේ හිටපු සභාපති මෛත‍්‍රී ගුණරත්න මෙහිදී වැඩි දුරටත් සඳහන් කළේ.