Wednesday, December 25, 2024

General line - 0115112241

පෞද්ගලික ඉඩම්වල ඇති ජල උල්පත් සොයයි




දිවයිනට බලපා ඇති දැඩි නියඟය හේතුවෙන් පවුල් එක්ලක්ෂ හැත්තෑ එක්දහස් හාරසීයකට අයත් පුද්ගලයින් හය ලක්ෂ අනූ පන්දහස් හතළිස් දෙනෙකු පීඩාවට පත්ව සිටිනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ ත‍්‍රිකුණාමලය, මහනුවර, ගම්පහ, කළුතර, හම්බන්තොට, මාතර සහ මොනරාගල යන දිස්ත‍්‍රික්කවලට නියඟයෙන් දැඩි බලපෑම් සිදුව ඇති බවයි.

එමෙන්ම අනුරාධපුර, යාපනය, මුලතිව්, මන්නාරම සහ වවුනියාව යන දිස්ත‍්‍රික්කවලට ද නියඟයෙන් බලපෑම් එල්ල වී තිබෙනවා.

කිලිනොච්චිය සහ මඩකලපුව ඇතුළු තවත් දිස්ත‍්‍රික්ක රැසකට ද නියඟයෙන් බලපෑම් එල්ල වී ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ.

මේ අතර පවතින පානීය ජල අර්බුදයට පිළියමක් ලෙස බස්නාහිර පළාතේ පිහිටි පෞද්ගලික ජල උල්පත් රජයට පවරා ගැනීමට තීරණය කර ඇති බව පළාත් ප‍්‍රධාන අමාත්‍ය ඉසුර දේවප‍්‍රිය පැවසුවා.

එහිදී ඔහු වැඩි දුරටත් සඳහන් කළේ “පෞද්ගලික ඉඩම්වල තියෙන ජල උල්පත් හඳුන ගන්න ඕනේ. මොකද අවශ්‍යතාවයක් වුනොත් ඒවා ලබා ගැනීමේ හැකියාව අපිට තියෙන්න ඕනේ. පවතින නීති රීතිවලට අනුගත වෙමින් එම කටයුතු සිදු කරන්න කටයුතු කරනවා.” යනුවෙනි.