වීථි පහන් දැල්වීම පැයක් පමණ ප්රමාද කරන්නැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්යංශය පළාත් පාලන ආයතනවලින් ඉල්ලීමක් කර තිබෙනවා.
නියඟය නිසා බලශක්ති උත්පාදනයට ඇතිවිය හැකි බලපෑමට මුහුණ දීම සඳහා විදුලිය ඉතිරි කර ගැනීමේ අරමුණින් මෙම ඉල්ලීම කළ බවයි එහි ලේකම් සුරේන් බටගොඩ කියා සිටියේ.
හැකි පමණ විදුලිය අවම වශයෙන් වැය වන විදුලි බල්බ භාවිත කරන ලෙස ද මෙහිදී ඉල්ලීමක් කෙරුණා.
ජල විදුලි උත්පාදනය අඩු වුවද විදුලි කප්පාදුවක් සිදු නොකර අඛණ්ඩ විදුලි සැපයුමක් පවත්වා ගැනීමට කටයුතු කරන බව ද මෙහිදී ප්රකාශ කෙරුණා.