Wednesday, December 25, 2024

General line - 0115112241

එච්.අයි.වී. නිසා රැකියාව අහිමි වූ අයෙක් අධිකරණයේ පිහිට පතයි




එච්.අයි.වී. ආසාධනය වී ඇතැයි දැනගැනීමෙන් පසුව තමාව රැකියාවෙන් ඉවත් කළ බව පවසමින් ගුවන් සමාගමක සේවකයෙකු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට දින නියම කර තිබෙනවා.

මෙම පෙත්සම අද (20) කැඳවනු ලැබුවේ අගවිනිසුරු කේ. ශ‍්‍රී පවන් ඇතුළු ද්විපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේයි.

එහිදී විනිසුරු මඩුල්ල තීරණය කළේ මෙම පුද්ගලයාගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවයි. පෙත්සම මැයි මස 30 වෙනිදා විභාගයට ගැනීමට මෙහිදී තීරණය කෙරුණා.

එච්.අයි.වී. ආසාධනය වී ඇතැයි දැනගැනීමෙන් පසුව රැකියාවෙන් ඉවත් කළ බවට පුද්ගලයෙකු විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකළ පළමු අවස්ථාව මෙය ලෙසටයි සැලකෙන්නේ.