2016 අපොස සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන අදියරේ ඇගයීම් මධ්‍යස්ථාන ලෙස යොදාගන්නා පාසල් 4ක් සම්පූර්ණයෙන්ම වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. ඒ, ජනවාරි 21 වෙනිදා සිට 30 වෙනිදා දක්වා කාලය තුළයි.
බොරැල්ල කන්නන්ගර මහා විද්‍යාලය, කුරුණෑගල වෙලගෙදර විද්‍යාලය, කුරුණෑගල සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර විද්‍යාලය සහ මහනුවර ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය එම පාසල් 4යි.
මීට අමතරව තවත් පාසල් 16ක පාසල් කාලසීමාව තුළ ඇගයීම් කටයුතු සිදුකරන බවයි අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කළේ.
මෙම සියලු පාසල් පිළිබඳ ලේඛනය පහතින් දැක්වේ