27 වෙනිදා නුගේගොඩදී පැවැත්වෙන රැළියට තමාගේ සහභාගිත්වය ස්ථිර බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශගේ සුවදුක් විමසීමට පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.
පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ස්වාධීන වීම සම්බන්ධයෙන් ද මාධ්‍යවේදීන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් මෙහිදී ප‍්‍රශ්න කළා. එහිදී ඔහු කියා සිටියේ රතන හිමියන් ස්වාධීන යැයැ තමන් නොසිතන බවයි.
බන්ධනාගාරගතව සිටින විමල් වීරවංශ මන්ත‍්‍රීවරයාගේ සුවදුක් විමසීමේ අවස්ථාවට ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයින් පිරිසක් ද එක්ව සිටියා. එහිදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රසන්න රණතුංග සඳහන් කළේ 27 වෙනිදා රැළිය ඉතා සාර්ථක එකක් වන බවයි.