Thursday, December 26, 2024

General line - 0115112241

තද වැසි ගැන කාලගුණ අනාවැකියක්




අද සිට දින 03 ක් දිවයිනේ බොහෝ ප‍්‍රදේශවලට තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවා.

ඇතැම් ප‍්‍රදේශවලට මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසිද අපේක්ෂා කළ හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

උතුර, උතුරු මැද, නැගෙනහිර, මධ්‍යම, ඌව සහ දකුණ යන පළාත්වලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

සෙසු ප‍්‍රදේශවලට ද සවස දෙකෙන් පසු ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ අවදානමක් පවතිනවා.

බලපිටියේ සිට කොළඹ, පුත්තලම සහ මන්නාරම හරහා කන්කසන්තුරේ දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප‍්‍රදේශවල සුළඟේ වේගය ද ඉහළ යා හැකියි.

එය විටෙක පැයට කිලෝමීටර් 50 ත් 60 ත් අතර අගයක් දක්වා වැඩිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළේ.