Monday, May 20, 2024

General line - 0115112241

පියා අතරමං කළ දරුවන් 5කට වැඩ වරදියි




පානදුර රෝහලේ ප‍්‍රතිකාර ලබන 80 හැවිරිදි වැඩිහිටි පියෙකුගේ දරුවන් පස්දෙනාට ලබන 25 වෙනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස අද (15) නියෝග කෙරුණා. ඒ, පානදුර අතිරේක මහේස්ත‍්‍රාත් කල්හාර ලියනගේ මහත්මිය විසින්.

ඔහුගේ පුතෙකු රුපියල් 500ක මුදලක් තම පියාට ලබා දී ඉකුත් දා කෑගල්ල ප‍්‍රදේශයෙන් බස් රථයකට නංවා ඇතැයි පොලිසිය පැවසුවා.

අදාළ බස් රථය පානදුරට පැමිණි අවස්ථාවේ පියා අසනීප තත්ත්වයෙන් සිටිනු දුටු අයෙකු ඔහු රෝහලට ඇතුළත් කර තිබුණා.

පානදුර පොලිසිය අධිකරණයට අද (15) දන්වා සිටියේ පියා රෝහල්ගතව සිටින බව දරුවන් පස්දෙනාට අවස්ථා දෙකකදී දැනුම් දුන්න ද ඔවුන් මෙතෙක් නොපැමිණි බවයි.

පොලිසියේ පැමිණිල්ල පිළිගත් මහේස්ත‍්‍රාත්වරිය එම දරුවන් පස්දෙනාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කළා.