රජයේ වාහනයක් අවභාවිත කළ බවට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව, රාජ්‍ය අමාත්‍ය ඒ. එච්. එම්. ෆවුසිට පවරා ඇති නඩුව ලබන අපේ‍්‍රල් මස 05 සහ 06 යන දිනවල දී විභාගයට ගැනීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද දින නියම කළා.
අමාත්‍යවරයා විසින් මෙලෙස අවභාවිත කළ බව පැවසෙන්නේ නෙදර්ලන්ත රජය විසින් ආපදා කළමනාකරණ අමාත්‍යංශයට ලබාදී තිබූ වාහනයක්. 2010 වසරේ සිට 2015 දක්වා අමාත්‍යවරයා එම වාහනය අවභාවිත කර ඇතැයි ද එමගින් රුපියල් දස ලක්ෂ හැත්තෑ තුන්දහසක පාඩුවක් රජයට සිදුව ඇතැයි ද පැමිණිල්ලේ දැක්වෙනවා.
කෙසේ වෙතත් නඩුව අද කැඳවූ අවස්ථාවේ රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි අධිකරණය හමුවේ පෙනී සිටියේ නැහැ. නීතිඥවරුන් අධිකරණයට දැනුම් දුන්නේ හදිසි අසනීප තත්වයක් නිසා අමාත්‍යවරයා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බවයි.
අවභාවිත කර ඇතැයි කියන වාහනය අමාත්‍යවරයා විසින් භාවිත කර ඇත්තේ චක්‍රලේඛයකට අනුකූලව බවද නීතිඥවරුන් කියා සිටියා. ඒ අනුව නගා ඇති චෝදනා සම්බන්ධයෙන් නැවත සලකා බලන ලෙයසි ඔවුන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාවෙන් ඉල්ලා සිටියේ. එහෙත් චෝදනා ඇත්තද නැත්තද යන්න නඩු විභාගයේ දී කරුණු හා සාක්ෂිවලින් තහවුරු වනු ඇතැයි ද ඒ අනුව නඩුව විභාගයට ගත යුතු බව ද අධිකරණය පැවසුවා.