පාර්ලිමේන්තුවේ දී හෙට (24) දිනයේ පැවැත්වීමට නියමිත බැඳුම්කර වාර්තා විවාදය නැවැත්වීමේ ක්‍රියාවලියක් රජය විසින් අනුගමනය කරන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර සැක පළ කරනවා.
අද (23) පැවති සමාජවාදී ජනතා පෙරමුණේ මාධ්‍ය හමුවක් අමතමින් වාසුදේව නානයක්කාර කියා සිටියේ මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් අධිකරණයේ පැමිණිල්ලක් ගොණු කර ඇති නමුත් එහි ඇත්ත පෙත්සම්කරු රනිල් වික්‍රමසිංහ මහතා වන බවයි.
මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ මේ තුළින් පාර්ලිමේන්තුවට අධිකරණය හරහා අභියෝග කළ හැකි වී ඇති නිසා හෙට පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු විවාද නතර කිරීමට මෙය හේතු විය හැකි බවයි.