මාතර තෙලිජ්ජවිල රාජකීය විද්‍යාලයේ පැවැත්වෙන නෙත් නිවුස් යූ ආර් අ ලීඩර් නායකත්ව පුහුණු හා පෞරුෂ සංවර්ධන වැඩසටහනේ දෙවන දිනය අදයි. තෝරා ගත් දරු දැරියන් සිය දෙනෙකු සඳහා වන දෙදින නේවාසික කඳවුරද අද (28) ආරම්භ වනවා.
මවුපියන් සඳහා දේශන දෙකක් අද පැවැත්වීමට නියමිතයි. 5 වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරු දැරියන්ගේ මවුපියන් සඳහා වන දේශනය පස්වරු එකට ආරම්භ වනවා. 6 වසරෙන් ඉහළ දරු දැරියන්ගේ මවුපියන් සඳහා වන දේශනය ආරම්භ වන්නේ පස්වරු 3යි.
මේ අතර වැලිමඩ කැප්පෙටිපොළ මහා විද්‍යාලයේ නෙත් නිවුස් යූ ආර් අ ලීඩර් බලකාය මගින් සංවිධාන කරන එස්කෝ 2017 අධ්‍යාපනික ප්‍රදර්ශනයද අද ආරම්භ වනවා. අද උදෑසන 9ට එය ආරම්භ වන්නේ අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් සුනිල් හෙට්ටිආරච්චිගේ ප්‍රධානත්වයෙන්.