Thursday, September 19, 2024

General line - 0115112241

කණගාටුව ප්‍රකාශ කරන්නැයි රන්ජන්ට දන්වන බව ජනපති පවසයි




නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක දිවුලපිටිය ප‍්‍රාදේශිය ලේකම්වරියට බැන වැදුණු බව කියන සිද්ධිය සම්බන්ධයෙන් එම ප‍්‍රාදේශිය ලේකම්වරියගෙන් සමාව නොගන්නේ නම් වෘත්තීය ක‍්‍රියාමාර්ගයකට එළඹෙන බව පරිපාලන සේවා සංගමය පවසනවා.

පෙබරවාරි මස 03 වැනිදා තෙක් නියෝජ්‍ය අමාත්‍යවරයාට ඒ සඳහා කල් ලබා දෙන බවයි පරිපාලන සේවා සංගමය සඳහන් කළේ. ඒ අනුව ඉන් පසුව විධායක සභාව රැස්ව ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කරන බවත් පෙන්වා දුන්නා.

මේ අතර පරිපාලන සේවා සංගමයේ නියෝජිතයින් පිරිසක් අද (30) ජනාධිපතිවරයා හමුවී මේ පිළිබඳව සාකච්ඡා සිදු කළා.

ඒ පිළිබඳව අදහස් දක්වමින් එම සංගමයේ සභාපති රංජිත් ආරියරත්න පැවසූවේ ජනාධිපතිවරයා විසින් මෙම ගැටලුව නිවරැදිව අවබෝධ කරගෙන ඇති බවයි. එහිදී සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාද කණගාටුව පළ කළ බවයි ඔහු පැවසුවේ.

එහිදී “රන්ජන් රාමනායක නියෝජ්‍ය ඇමතිතුමාට මේ පිළිබඳව කණගාටුව ප්‍රකාශ කරන්න කියලා දැනුම් දෙනවයි කියලා ජනාධිපතිතුමා කිව්වා. ඒ වගේම ඉදිරි සාකච්ඡා රාජ්‍ය පරිපාලන ඇමතිතුමා සමග සිදු කරන්න උපදෙස් දුන්නා. අපේ ඉල්ලීම වුණේ රන්ජන් රාමනායකගේ මෙම ප්‍රකාශය ඉල්ලා අස්කරගන්න කියන එකයි.” යනුවෙන්ද පැවසුවා.

මේ අතර මෙම සිද්ධියට විරෝධය පළ කරමින් ගම්පහ දිස්ත‍්‍රික්කයේ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලවල නිලධාරීන් අද (30) සංකේත වැඩවර්ජනයක නිරත වුණා. ඔවුන් ගම්පහ දිස්ත‍්‍රික්කයේ ප‍්‍රධාන නගර කිහිපයකදී විරෝධතා පැවැත්වූවා.