Thursday, September 19, 2024

General line - 0115112241

විගණකාධිපතිවරයාගේ බලතල තවදුරටත් ශක්තිමත් කළ යුතුයි




විගණකාධිපතිවරයාගේ බලතල තවදුරටත් ශක්තිමත් කළ යුතු බව මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන පවසනවා.

විගණකාධිපතිවරයාගේ බලතල වැඩි කිරීමට අවශ්‍ය නම් ඊට සහයෝගය දක්වන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

අමාත්‍යවරයා මේ බව පැවසූවේ අද (30) පැවති උත්සවයකට සහභාගි වෙමින්.

එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ජනාධිපතිවරයාද විගණකාධිපතිවරයාගේ බලතල තවදුරටත් ශක්තිමත් කළ යුතුයි යන මතයේ සිටින බවයි. විගණකාධිපතිවරයා කිසිඳු ඇමතිවරයෙකුට වගකිවයුතු නොමැති බවද සඳහන් කළා. ඇතැමුන් විරුද්ධ පක්ෂයේ සිටියදී ස්වාධීන බලතල අවශ්‍ය බව පෙන්වා දෙන නමුත් ආණ්ඩුව තුළ සිටියදී ස්වාධීන බලතල ඇති පුද්ගලයින්ව විවේචනය කිරීමට කටයුතු කරන බවත් පෙන්වා දුන්නා.