අනාරක්ෂිත දුම්රිය ගේට්ටු මුරකරුවන් වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. ඒ, ඇතැම් මාසවල 31වනදින තමන්ට ලැබිය යුතු දෛනික දිමනාව ලබා නොදිමට විරෝධය පළ කරමින්.
අනාරක්ෂිත දුම්රිය ගේට්ටු මුරකරුවන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් නිමල් චන්ද්‍රසිරි පැවසුවේ තම ගැටළුව සම්බන්ධයෙන් බලධාරින් දැනුවත් කළත් මෙතෙක් ඊට විසඳුම් ලැබී නොමැති බවයි.
හෙට (01) උදැසන 06 දක්වා පමණක් මෙම වර්ජනය ක්‍රියාත්මක බවද ඔහු සඳහන් කළා.
ඒ අනුව අද දිනයේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගවල අනතුරක් සිදු වන්නේ නම් ඊට දුම්රිය බලධාරීන් වග කිවයුතු බවද අනාරක්ෂිත දුම්රිය ගේට්ටු මුරකරුවන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් නිමල් චන්ද්‍රසිරි පැවසුවා.