කංසා වගා කිරිම ඉදිරියේදී ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
අමාත්‍ය රාජිත සේනාරත්න පැවසුවේ එම යෝජනාවට මහා සංඝරත්නයේ විරුද්ධත්වයක්ද නොමැති බවයි.
ශාකසාර, ලෝක ඖෂධ වෙළඳපොළේ මේ වන විට ඩොලර් බිලියන 54ක වාර්ෂික අළෙවියක් සිදුවනවා. ඉදිරියේදී පෞද්ගලික අංශයේ දායකත්වය මත ඔසු උයන් සංවර්ධනය කිරිමටද බලාපොරොත්තු වන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
හමුදාව යොදා ගෙන කංසා වගා කිරීමේ කටයුතු ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවද රාජිත සේනාරත්න අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.