යතුරුපැදි කරුවන් සඳහා වූ ප‍්‍රමිතියෙන් යුත් ආරක්ෂිත හිස් වැසුම් නීතිය ලබන අපේ‍්‍රල් මස සිට ක‍්‍රියාත්මක කරන බව ප‍්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසනවා.
මේ පිළිබඳ දැඩිව නීතිය ක‍්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ ප‍්‍රමුඛතාවය විය යුත්තේ වින්දිතයන්ට උදව් කිරීම හා ඉදිරි වසරවලදි වින්දිතයන්ගේ සංඛ්‍යාව අවම කර ගැනීම බවද මෙහිදි ප‍්‍රකාශ කෙරුණා.
රිය අනතුරු වලින් තුවාල ලැබූ සහ මිය ගිය පුද්ගලයින්ගේ යැපෙන්නන් වෙනුවෙන් පැවති වන්දි මුදල් ප‍්‍රදානයකදි ප‍්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මෙම අදහස් පළ කළා.