Wednesday, May 1, 2024

General line - 0115112241

ශරීර සුවතා සතිය ඇරඹෙයි




ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් අනුව රජයේ නිළධාරීන්ට ශරීර සුවතා පුහුණු ඇති කිරීමේ ශරීර සුවතා සතිය අද (06) ආරම්භ වුණා.

ඒ අනුව මඩකලපුව දිස්ත්‍රික්කයේ රජයේ කාර්යාල, පොලිස් ස්ථාන, හමුදා කඳවුරුවල ද මෙම වැඩසටහන ආරම්භ කෙරුණා.

පොලිස් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ශරීර සුවතා පුහුණු වැඩසටහන මඩකලපුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලයේ පොලිස් අධිකාරි කීර්ති රත්නායකගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

ක්‍රීඩා හා ශරීර සුවතා ප්‍රවර්ධන ජාතික සතිය අද පෙරවරුවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණේ ජනාධිපති කාර්යාල පරිශ්‍රයේදියි.

මෙරට සීග්‍රයෙන් ඉහළ යන බෝ නොවන රෝග පිළිබඳ තත්ත්වයන් පාලනය කිරීම අරමුණු කරගනිමින් ක්‍රීඩා අමාත්‍යාංශය විසින් සංවිධාන කරන මෙම වැඩසටහන මේ මස 12 වැනිදා දක්වා ක්‍රියාත්මකයි.

S1060038 S1060045 S1060046 S1060047 S1060048 S1060049 S1060050 S1060051 S1060052