Friday, September 20, 2024

General line - 0115112241

තවත් සයිටම් සිසුන් දෙදෙනෙක් අධිකරණයට යයි




සයිටම් ආයතනයේ සිසුන් දෙදෙනෙකු විසින් ගොණු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක් මාර්තු මස 27 වැනිදා සිට විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (07) දින නියම කළා.

මෙම පෙත්සම ගොණුකර ඇත්තේ ඩබ්ලිව්.කේ. දිල්ෂාන් සම්පත් සහ එච්.කේ. චරිතා විසින්.

රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් 2014 වසරේ නිකුත් කරන ලද සේවා රෙගුලාසියක් නිසා තමන්ට අසාධාරණයක් සිදුව ඇති බවයි ඔවුන් පෙන්වා දී ඇත්තේ.

වෛද්‍ය නිලධාරීන් ලෙස ලියාපදිංචි විය හැක්කේ ශී‍්‍ර ලංකාවේ රාජ්‍ය විශ්ව විද්‍යාලයක වෛද්‍ය පීඨයකින් හෝ විදේශීය විශ්ව විද්‍යාලයකින් වෛද්‍ය උපාධියක් ලබාගත් අයෙකුට පමණක් බව අදාළ රෙගුලාසියේ දැක්වෙනවා. පෙත්සම සලකා බැලුණේ බුවනෙක අලුවිහාරේ ප‍්‍රමුඛ ති‍්‍රපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේයි.