Friday, September 20, 2024

General line - 0115112241

කුලියාපිටියේ කර්මාන්තශාලාවට ඉඩම ලැබිච්ච හැටි කියයි




මෝටර් රථ එකලස් කිරීමේ මධ්‍යස්ථානයක් සඳහා කුලියාපිටියේ කෙරෙන ආයෝජනයට ලබාදී ඇති ඉඩම සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්‍ෂය අද (07) කැදවා තිබූ මාධ්‍ය හමුවකදී අනාවරණයක් සිදු කළා.

ඒ හිටපු අමාත්‍ය ජී.එල් පීරිස් විසින්.

අදාළ ඉඩම පුණ්‍ය කටයුත්තක් වෙනුවෙන් පුද්ගලයෙකු සිය අන්තිම කැමති පත‍්‍රය මගින් මහා භාරකාරවරයාට පවරා දුන් එකක් බවයි එහිදී හෙළි කෙරුණේ.

මෙම ඉඩම ප්‍රධානය කළ තැනැත්තාගේ අරමුණට පටහැනි ලෙස මෙවැනි කටයුතු සඳහා මෙම ඉඩම් යොදා ගැනීම තුළින් රටේ ජනතාවට විශාල අසාධාරණය ක් සිදු වෙන බවද ඔහු සඳහන් කළා.