Friday, September 20, 2024

General line - 0115112241

‘සයිටම්’ කාගේ දරුවෙක්දැයි කියයි




රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සයිටම් ආයතනයට එරෙහි වන්නේ තරගකාරිත්වයට ඇති බිය නිසා බව එම සංගමයේම සාමාජිකයෙකු වන මහාචාර්ය වෛද්‍ය නෙවිල් පෙරේරා පවසනවා.

ඔහු ඒ බව පැවසුවේ සයිටම් ආයතනය කොළඹ අද (07) පැවැත්වූ මාධ්‍ය හමුවකදීයි.

එහිදී ඔහු වැඩි දුරටත් සඳහන් කළේ “වෛද්‍ය විද්‍යාව විතරද පෞද්ගලීකරණය වෙන්න හදන්නේ..ඊට සමාන වෘත්තියන් රැසක් දැනට පෞද්ගලීකරණය වෙලා ඉවරයි. මේ තියෙන්නෙ ඒකාධිකාරිය බිඳ වැටීම ගැන ප්‍රශ්නයක්.” යනුවෙනි.

සයිටම් ආයතනය රැක ගැනීම සහ ප‍්‍රවර්ධනය කිරීම හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේද වගකීමක් බව මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. විශේෂඥ වෛද්‍ය දීප්ති සමරගේ පැවසුවේ සයිටම් ආයතනය යනු මහින්ද රාජපක්‍ෂ මහතාගේම බිළිදෙකු බවයි.

එහිදී වැඩි දුරටත් ප්‍රකාශ කෙරුණේ “එතුමා වසර 03 ක් මෙම සයිටම් ආයතනය හැදුවා. ඊට පස්සෙ තමයි මේ රජයට භාර දුන්නේ. එතුමා මෙම ආයතනයේ ප්‍රගතියට කටයුතු කළ යුතුයි. මේ එතුමාගේ දරුවෙක්.” යනුවෙනි.