Friday, September 20, 2024

General line - 0115112241

විල්පත්තු පදිංචිකරුවන් කොළඹ ඇවිත් මාධ්‍යවේදීන්ට තර්ජනය කරයි




ජාතික වෘත්තිය සමිති පෙරමුණ අද (07) පැවැත්වූ මාධ්‍ය හමුවකදි ඊට සහභාගි වූවන් සහ මාධ්‍යවේදීන් අතර උණුසුම් තත්ත්වයක් ඇති වුණා.

මෙම මාධ්‍ය හමුව කැඳවා තිබුණේ විල්පත්තු වනය ආශි‍්‍රතව මතු වි තිබෙන තත්ත්වයන් පිළිබඳවයි.

මෙම කලාපයේ සිදු කෙරෙන නැවත පදිංචි කිරීම් නතර නොකළ යුතු බවද එහිදී අවධාරණය කෙරුණා. එලෙස නැවත පදිංචි කෙරුණු පිරිසක්ද මෙම මාධ්‍ය හමුවට සහභාගි වී සිටි බවයි එහි සිටි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

මාධ්‍යවේදීන් ඔවුන්ගෙන්ද ප‍්‍රශ්න කළ අතර එහිදී ඇසූ ප‍්‍රධාන ප‍්‍රශ්නයක් වුයේ ඔවුන් මෙම මාධ්‍ය හමුව සඳහා ගෙන්වනු ලැබුවේ කවුරුන් විසින්ද යන්නයි.

ඊට පැහැදිළි පිළිතුරක් ඔවුන් ලබා නොදුන් අතර පසුව නැගිටවිත් ප‍්‍රශ්න ඇසූ මාධ්‍යවේදීන්ට තර්ජනාත්මකව බැණ වදිමින් පහරදීමටද උත්සාහ කළා. පසුව ඇතිවූ සිද්ධිය පිළිබඳව සමාව ඉල්ලීමද සිදු කළා.

කෙසේවෙතත් ජාතික වෘත්තීය සමිති පෙරමුණේ සභාපති සමන් රත්නපි‍්‍රය කියාසිටියේ මෙම මාධ්‍ය හමුව තමන් විසින් කැඳවනු ලැබූ බවයි.

(එම හඬපටය පහතින් දැක්වෙයි)