Friday, September 20, 2024

General line - 0115112241

සයිටම් නිසා පාර්ලිමේන්තුවත් උණුසුම්




සයිටම් ආයතනය සම්බන්ධයෙන් පළ වු විවිධ අදහස් හේතුවෙන් පාර්ලිමේන්තුව අද (07) උණුසුම් මුහුණුවරක් ගත්තා.

මෙහිදී පාර්ලිමේන්තු මන්තී‍්‍ර දිනේෂ් ගුණවර්ධන සඳහන් කළේ වෛද්‍ය මහාචාර්යවරු සහ ආචාර්යවරු මෙන්ම වෛද්‍යවරු වෙත ආණ්ඩුව සවන් නොදෙන්නේ මන්දැයි යන්නයි.

ආණ්ඩුව වෙනුවෙන් මීට පිළිතුරු ලබාදුන් උසස් අධ්‍යාපන අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල සඳහන් කළේ “මේ සයිටම් පටන් ගත්තේ කවුද?. අපිට උසාවි තීන්දුවක් වෙනස් කරන්න බැහැ. මේ ළමයි පාරට ඇදලා දැම්මයි කියලා ප්‍රශ්නය වෙනස් වෙනවද?. ” යනුවෙනි.

මෙම සංවාදයේදි ආණ්ඩු පක්‍ෂයේ සහ විපක්‍ෂයේ තවත් මහජන නියෝජිතයන් කිහිප දෙනෙකුද අදහස් පළ කළා. රමේෂ් පතිරණ, අනුර කුමාර දිසානායක, සහ විමල් වීරවංශ යන මන්තී‍්‍රවරුන් ඔවුන්ගෙන් කිහිප දෙනෙක්.

(එම හඩපටය පහතින් දැක්වෙයි)