බොරැල්ල, වනාතමුල්ල ප්‍රදේශයේ මත්කුඩු ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන කුඩු රොෂාන් හෙවත් චාමර සදරුවන්ගේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට භාර වූ සැකකරුවන් තිදෙනා ලබන 22 වනදා දක්වා රකෂිත බන්ධනාගාර ගත කර තිඛෙනවා.
ඒ, ඔවුන් ඊයේ පස්වරුවේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
මෙලෙස රකෂිත බන්ධනාගාරගත කෙරුණේ ලේල්වල ගුරුගේ ධනුෂ්ක අනුරාධ නොහොත් මහත්තුරු, වික්‍රමආරච්චිලාගේ හර්ෂ ජීවන්ත ද සිල්වා නොහොත් දුමින්ද සහ ලෝහතන්ති්‍රගේ රණදේව නමැති බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් තිදෙනෙක්.
වනාතමුල්ලේ කුඩු රොෂාන් තියුණු ආයුධවලින් කපාකොටා ඉකුත්දා ඝාතනය කර තිබුණේ බොරැල්ල පෙලෙන්ගස්තුඩුව
එම් එම් මොහොමඩ් ක්‍රීඩාංගණය අසලදීයි.
අධිකරණයට භාර වූ සැකකරුවන් විසින් මීට පෙර කුඩු රොෂාන්ගේ සහෝදරයෙකු ඝාතනය කර තිඛෙනවා.
ඒ සමග කුඩු රොෂාන්ද තමන් ඝාතනය කරනු ඇතැයි බියෙන් ඔහු ඝාතනය කළ බවයි ප්‍රශ්න කිරීම්වලදී සැකකරුවන් පොලීසියට ප්‍රකාශ කර ඇත්තේ.